ඉරිදා, 23 ජූලි 2017
You are here:

Events Calendar

July 2017
S M T W T F S
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

News and Events

No events
Examination Rules පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2014 ඔක්තෝබර් 22 වෙනි බදාදා, 03:45

විභාග නීතිරීති

 

ලිඛිත/ ප‍්‍රායෝගික විභාග පැවැත්වීම පිළිබඳ අංක 01 දරණ අතුරු ව්‍යවස්ථාව

 

ලිඛිත පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ නිතීරීති

  • විභාග අපේක්ෂකයන් නියමිත ප‍්‍රශ්න පත‍්‍රය ඇරඹීමට විනාඩි 15 කට කලින් විභාග ශාලාව අසලටපැමිණිය යුතු අතර, විභාග ශාලාධිපති දැනුම් දුන් විට පමණක් විභාග ශාලාව තුළට පිවිසිය යුතු ය.

  • විභාග අපේක්ෂකයන් විභාග ශාලාව තුළට පිවිසි වහාම තමාගේ අංකය දරණ අසුනෙහි අසුන් ගත යුතු අතර විභාග ශාලාධිපතිගේ විශේෂ අවසරයක් මත හැර කිසි විටෙක තම ආසනය වෙනස් කළ නොහැක.

  • පරීක්ෂණය ආරම්භ වී විනාඩි 30 කට පසුව විභාග අපේක්ෂකයකු ශාලාවට ඇතුළත් කර ගනු නොලැබේ. පරීක්ෂණය ආරම්භ වී විනාඩි 30 ක් ගත වීමට ප‍්‍රථම මෙන්ම, පරීක්ෂණය අවසන් වීමට නියමිත අවසන් විනාඩි 30 ඇතුළත ද විභාග අපේක්ෂකයන්ට ශාලාවෙන් පිටවීමට අවසර දෙනු නොලැබේ.

  • සියළුම විභාග අපේක්ෂකයන් ස්වකීය විභාග ප‍්‍රවේශ පත‍්‍රය සහ ශිෂ්‍ය වාර්තා පොත/ ශිෂ්‍ය හැඳුනුම්පත හෝ අනන්‍යතා පත‍්‍රය විභාග ශාලාවට රැුගෙන පැමිණිය යුතු ය.

  • එම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයගේ විභාග අපේක්ෂකත්වය අවලංගු කළ හැක.

  • එබඳු අවස්ථාවක දී විභාගයට පෙනී සිටීම සඳහා ශාලාධිපති විසින් සපයනු ලබන ආකෘති පත‍්‍රයක විභාග අපේක්ෂකයා අත්සන් කොට ප‍්‍රකාශයක් ලබා දිය යුතු අතර ඊළඟ ප‍්‍රශ්න පත‍්‍රයට පෙනී සිටින අවස්ථාවේ දී අනිවාර්යයෙන් ඉහත සඳහන් කළ අනන්‍යතාව තහවුරු කෙරෙන ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

  • විභාග අපේක්ෂකයා පෙනී සිටින අවසාන හා එකම ප‍්‍රශ්න පත‍්‍රය මෙය නම් ඉහත සඳහන් ලේඛන ඊළඟ වැඩ කරන දිනයේ දී ලේඛකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතු ය.

  • විභාගය අතරතුර දී යම් හෙයකින් ශිෂ්‍ය වාර්තා පොත/ශිෂ්‍ය හැඳුනුම්පත නැතිවුවහොත් එහි දෙවන පිටපතක්/අනන්‍යතා පත‍්‍රයක් ලේඛකාධිකාරී හෝ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී වෙතින් ලබා ගත යුතු ය.

  • ශිෂ්‍ය වාර්තා පොතෙහි /අනන්‍යතා පත‍්‍රයෙහි සඳහන් නම හා විභාග ප‍්‍රවේශ පත‍්‍රයෙහි සඳහන් නම අතර වෙනස් ඇත්නම් ඒ බව තහවුරු කොට ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරීගෙන් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය. එබඳු සහතිකයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන විට ජාතික හැඳුනුම්පත ඒ බලයලත් පුද්ගලයෙකු විසින් සහතික කරනු ලැබූ මෑතක දී ලබාගත් ඡුායාරූපයක් ඉදිරිපත් කළ යුතු ය.

  • විභාග ශාලා නිරීක්ෂක ඉදිරිපිට දී නියමිත ස්ථානයෙහි අත්සන් කිරීමෙන් අනතුරුව දිනපතා විභාග ප‍්‍රවේශ පත‍්‍රයේ අදාල කොටස විභාග ශාලා නිරීක්ෂකට භාර දිය යුතු ය. ඉන් අනතුරුව විභාගයට පෙනී සිටින සෑම වාරයකදීම විභාග ප‍්‍රවේශ පත‍්‍රයේ නියමිත ස්ථානයෙහි අත්සන් කළ යුතු ය.

  • විභාග අපේක්ෂකයන් තමන්ගේ ප‍්‍රයෝජනය සඳහා පෑන්, පැන්සල්, තීන්ත කූඩු, මකන, අඩි කෝදු, ජ්‍යාමිතික උපකරණ, පාට පැන්සල් ආදී වශයෙන් නීත්‍යානුකූලව අවසර ලබා දී ඇති අවශ්‍ය උපකරණ පමණක් රැුගෙන ආ යුතු ය. මීට අමතරව පරීක්ෂණයේ දී අනිසි අන්දමින් ප‍්‍රයෝජනයට ගත හැකි කිසිම ලියකිවිල්ලක් හෝ සටහනක් හෝ උපකරණයක් තමා විසින් හෝ තමා වෙනුවෙන් අන් අයකු විසින් හෝ විභාග ශාලාව තුළට නොගෙනෙන බවට වග බලා ගත යුතු ය. විශේෂයෙන් ජංගම දුරකථන, කැල්ක්‍යුලේටර් හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන උපකරණ අක‍්‍රිය කර හෝ ළඟ තබා ගැනීම තහනම් ය.

  • යම් හෙයකින් විභාගය අතරතුර දී විභාග ප‍්‍රවේශ පත‍්‍රය නැතිවුවහොත් ඒ බව වහාම විභාග අංශයට දැනුම් දී ඊළඟ විභාගයට පෙනී සිටීමට ඉදිරිපත් කිරීම සඳහා ඒ බව තහවුරු කෙරෙන සහතිකයක් විභාග අංශයෙන් ලබා ගත යුතු ය

  • විභාග ශාලාධිපති විසින් ඉල්ලා සිටි අවස්ථාවක දී විභාග අපේක්ෂයන් තමා භාරයේ හෝ ළඟ ඇති  ඕනෑම ලිපි ලේඛනයක් හෝ ද්‍රව්‍යයක් ඉදිරිපත් කළ යුතු ය.

  • කිිසිම විභාග අපේක්ෂයකු තවත් විභාග අපේ්ක්ෂකයකුගෙක් කිසිම දෙයක් ඉල්ලා ගැනීම, හුවමාරු කර ගැනීම, කතාබස් කිරීම හෝ කොපි කිරීම නොකළ යුතුය. වෙනත් විභාග අපේක්ෂකුගෙන් /පුද්ගලයෙකුගෙන් හෝ කුමන අන්දමක හෝ ආධාරයක් ලබා නොගත යුතු ය. වෙනත් අපේක්ෂයෙකුට කොපි කිරීමට අනුබල දීම හෝ උපකාර කිරිම ද නොකළ යුතු ය.

  • නියමිත ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීම සඳහා එදිනට නිකුත් කරන ලද ලියන පොත් හා කඩදාසි පමණක් යොදා ගත යුතු ය.

  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය (ලියන කඩදාසි, ප‍්‍රස්තාර කඩදාසි, ඇඳීමේ කඩදාසිල ලෙජර් හා ජර්නල් කොල යනාදිය* අවශ්‍ය වන පරිදි විභාග අපේක්ෂකයන් වෙත නිකුත් කරනු ලැබේ. තමාට දෙන ලද කිසිදු කඩදාසියක් හෝ ලියන පොතක් ඉරීමල සූරා දැමීමල නැවීමල පොඩි කිරීම හෝ වෙනත් අයුරකින් විනාශ කර දැමීම හෝ නොකළ යුතු යග ශාලාධිපති /නිරීක්ෂක විසින් දෙන ලද ලිපි ද්‍රව්‍ය පමණක් පාවිච්චි කළ යුතු අතරල තමා වෙත සපයන ලද සියලූම ලිපි ද්‍රව්‍ය හා උපකරණ (පාවිච්චි කළ හෝ නොකළ* ස්වකීය මේසය මතම තබා යා යුතු අතරල විභාග ශාලාවෙන් පිටතට ගෙන යාම සම්පූර්ණයෙන් තහනම් ය.

  • පිළිතුරු ලිවීමට පෙරල තමාට අයත් ලියාපදිංචි අංකය හා පර්යේෂණයේ නම පැහැදිලි ලෙස පිළිතුරු පතෙහි නියම තැන ලිවිය යුතු යග පිළිතුරු ලිවීමට යොදා ගන්නා අනෙකුත් සියලූම කඩදාසිවල ද ස්වකීය විභාග අංකය යොදා තිබිය යුතු යග කිසිම විභාග අපේක්ෂයකු ස්වකීය නම හෝ වෙනත් හඳුනා ගැනීමේ සලකුණු යනාදිය පිළිතුරු පත‍්‍රවල නොලිවිය යුතු ය. කෙනෙකුගේ පිළිතුරු පත‍්‍රයට වෙනත් හඳුනා ගැනීමේ අංකයක් යෙදීම පරීක්ෂණ විෂමාචාරයක් ලෙස සලකනු ලැබේග ලියාපදිංචි අංකය යොදා නොමැති හෝ හඳුනාගත නොහැකි පිළිතුරු පත් ප‍්‍රතික්ෂේප කෙරේ.

  • කටුවැඩ ආදිය සඳහා යොදා ගන්නා ලද කඩදාසි ද පිිළිතුරු පත‍්‍රය සමග අමුණා තැබිය යුතු යග එහෙත් පිළිතුරු පත‍්‍රයට අනවශ්‍ය කොටස් පැහැදිලි සේ ඉරිගසා කපා දැමිය යුතු යග ප‍්‍රවේශ පත‍්‍රයේල කාලසටහනේල ප‍්‍රශ්න පත‍්‍රයේ හෝ ශිෂ්‍ය වාර්තා පොතේ කටුවැඩ නොකළ යුතු යග මෙම උපදෙස් පිළිනොපදින අපේක්ෂකයන් විභාග නීතිරීති උල්ලංඝනය කළා සේ සළකනු ලැබේ.

  • විභාග අපේක්ෂකයන් විභාග ශාලාව තුළ විභාග ශාලාධිපතිට ද නිරීක්ෂකවරුන්ට ද අනෙකුත් අපේක්ෂකයන්ට ද බාධා හෝ හිරිහැර නොවන සේ හැසිරිය යුතු යග විභාග ශාලාව තුළ හා අවට නිෂ්ශබ්දතාව රැුකිය යුතු යග හදිසි අවස්ථාවක දී හැර විභාගය පවත්නා අතරතුර විභාග ශාලාවෙන් තාවකාලික බැහැර යාමට අවසර නොදෙනු ඇතග එවැනි හදිසි අවස්ථාවක දී නිරීක්ෂක විසින් තම පරීක්ෂාව යටතේ තාවකාලිකව බැහැර යාමට අවසර දිය හැකි යග ඉහත උපදෙස් අනුව නොහැසිරෙන අය විභාග ශාලාවෙන් ඉවත් කිරීමට ශාලාධිපතිට බලතල තිබේග පරීක්ෂණය පැවැත්වෙන විට විභාග ශාලාව තුළ දී ශාලාධිපති හෝ නිරීක්ෂකවරයකු සමග හැර වෙනත් අය සමග කතාබහ කිරීම සම්පූර්ණයෙන් තහනම් අතර ගැටළු මතු වූ අවස්ථාවක දී තම අසුනේ සිට අත එසවීමෙන් ශාලාධිපති හෝ නිරීක්ෂකගේ අවධානය ලබා ගත හැක.

  • කිසිම විභාග අපේක්ෂකයකු තමා විසින්ම ලියන ලද පිළිතුරු මිස ක්ෂේත‍්‍ර පොතක් හෝ ක්ෂේත‍්‍ර වැඩ සටහන් හෝ නිබන්ධනයක්ල හෝ විභාගයක් සඳහා මුළුමනින්ම හෝ කොටසක් වශයෙන් හෝ අන්‍ය තැනැත්තෙකු විසින් සකස් කරන ලද්දක් ඉදිරිපත් නොකළ යුතු යග

  • විභාග ශාලාධිපති විසින් විභාගය නැවැත්වීමේ සංඥාව දුන් වහාම අපේක්ෂකයන් සියලූම වැඩ නැවැත්විය යුතු වන අතර මෙම උපදෙස් නොපිළිපදින්නන්ගේ පිළිතුරු පත්වල මේ සම්බන්ධයෙන් සටහනක් තැබීමේ අයිතිය ශාලාධිපති/නිරීක්ෂක සතු වේ.

  • කිසිම අපේක්ෂකයකු තමා වෙනුවෙන් වෙනත් කෙනෙකුට පරීක්ෂණයට ඉදිරිපත් වීමට අවසර නොදිය යුතු අතරල වෙනත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිදු අපේක්ෂකයකුට අවසර නැත.

  • විභාග ශාලාවේ දී උද්ගතවන  ඕනෑම කරුණක් වෙනුවෙන් විභාග අපේක්ෂකයකුගෙන් ලිඛිත ප‍්‍රකාශයක් ලබා ගැනීමට ශාලාධිපතිට හා නිරීක්ෂකවරුන්ට බලය තිබේග එවැනි ප‍්‍රකාශයක් කිරීම හෝ එයට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප නොකළ යුතු ය.

  • විභාගය අවලංගු කිරීමට හෝ කල් දැමීමට හේතුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි  විභාග ශාලාධිපතිට ඒත්තු ගියහොත් වහාම විභාගය නවත්වා පිළිතුරු පත‍්‍ර එකතුකොට ඒ පිළිබඳව වහා ම නිසි බලධාරීන්ට වාර්තා කිරීමට ශාලාධිපති කටයුතු යොදනු ඇත.

  • විභාග අපේක්ෂකයන් ස්වකීය පිළිතුරු පත‍්‍ර ශාලාධිපතිට හෝ නිරීක්ෂකවරයකුට හෝ සියතින් ම භාරදිය යුතු යග එමෙන්ම පිළිතුරු පත් එකතු කරන තෙක් සිය අසුනේම රැුඳී සිටිය යුතු යග කවර කරුණක් නිසාවත් පිළිතුරු පත‍්‍ර ශාලා සේවකයකුට හෝ වෙනත් අයෙකුට භාර නොදිය යුතු යග පිළිතුරු පත‍්‍ර භාර දුන් පසු මොන ම කරුණක් නිසාවත් එය ආපසු ඉල්ලා ගැනීමේ අයිතියක් අපේක්ෂකයකුට නැත.

  • කිසිම අපේක්ෂකයකුට තමාගේ හෝ වෙනත් අපේක්ෂකයකුගේ පිළිතුරු පත් විභාග ශාලාවෙන් පිටතට ගෙන යා නොහැක.

  • පරීක්ෂණයේ දී අනිසි අන්දමින් ප‍්‍රයෝජනයට ගත හැකි කිසිම ලියකිවිල්ලක් හෝ සටහනක් හෝ උපකරණයක් තමන් වෙත නොමැති බවට සෑම විභාග අපේක්ෂකයෙකුම වගබලා ගත යුතු යග තව ද කිසිම උපකරණයක් හෝ ලියකිවිල්ලක් හෝ සටහනක් හෝ අනිසි අන්දමින් තම ප‍්‍රයෝජනයට ගැනීමට වෑයම් නොකළ යුතු යග පරීක්ෂණ විෂමාචාරයක යෙදෙන බවට හෝ යෙදී ඇති බවට සැක මතුවිය හැකි සෑම ක‍්‍රියාවකින්ම වැළකීමට සෑම අපේක්ෂකයකු ම වග බලා ගත යුතු ය.

  • පිළිතුරු පත‍්‍ර ලකුණු කිරීමේ දීල නියමිත සංඛ්‍යාවට වඩා වැඩි ප‍්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු සපයා ඇතිවිටල පිළිතුරු සපයා ඇති අනුපිළිවෙල අනුව නියමිත පිළිතුරු සංඛ්‍යාවට පමණක් ලකුණු කරනු ලැබේග  උදා : නියමිත ප‍්‍රශ්න සංඛ්‍යාවට අතිරේක ව ප‍්‍රශ්නයකට පිළිතුරු සපයා ඇතිවිට අන්තිම පිළිතුරට ලකුණු දෙනු නොලැබේග තව ද ලකුණු කිරීමට අනවශ්‍ය පිළිතුරක් හෝ පිළිතුරු කොටසක් තිබේ නම් එය පැහැදිලිව කපා හැරීමේ බලය විභාග පරීක්ෂක සතු ය.

  • විභාගය සඳහා ලියාපදිංචි වූ සෑම අපේක්ෂකයකු ම අදාළ විභාගයට අනිවාර්යයයෙන් ම පෙනී තිබිය යුතු අතර එසේ පෙනී නොසිීම ට නම්ල විභාගයට පෙනී නොසිටීම සම්බන්ධව පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කර අදාල කාලසීමාව තුළ දී සනාතන සභාවේ අවසර ලබා තිබිය යුතු යග යම් අපේක්ෂකයෙකු ටල  විභාගයේ කොටසකට පෙනී සිටීම ට නොහැකි නම් ඒ පිිළිබඳ ලේඛකාධිකාරී වෙත වහාම දැනුම් දී පැය 48ක් ඇතුළත දී ලිඛිත ව අදාළ සාක්ෂි ද සමග ලියාපදිංචි තැපැල් මගින් දැනුම් දිය යුතු ය

  • අසනීප නිසා මුළු පරීක්ෂණයට හෝ පරීක්ෂණ කොටසකට පෙනී නොසිටනවා නම් ඒ බව පරීක්ෂණ ආරම්භ වීමට ප‍්‍රථම හෝ පරීක්ෂණ පැවැත්වෙන කාල සීමාව තුළ ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරියාගෙන් හෝ රජයේ ආරෝග්‍ය ශාලාවක උපදේශක වෛද්‍යවරයෙකුගෙන් හෝ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ලබා ගත් වලංගු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.

  • යම් අපේක්ෂකයකු සම්පූර්ණ විභාගයට හෝ ඉන් කොටසකට පෙනී නොසිට ඉහත සඳහන් පරිදි අදාල පාර්ශ්වයන් දැනුවත් නොකළ විට ඔහු/ඇය මීළඟ අවස්ථාවේ එකී විභාගයට පෙනී සිටීම පුනර්පරීක්ෂකයකට පෙනී සිටියා සේ සළකා කටයුතු කරනු ඇතග ඒ සඳහා විභාග ගාස්තු නැවත ගෙවිය යුතු වේ.

  • යම් අපේක්ෂකයකු කිසියම් විෂයයකට පෙනී නොසිටිනවා නම් ඔහු/ඇය නැවත එම පුනර්පරීක්ෂණය ඊළඟ අධ්‍යයන වර්ෂයේ දී අනිවාර්යයයෙන් ම පෙනී සිට සම්පූර්ණ කළ යුතු යගඋදා :- යම් අපේක්ෂකයකු දෙවන වසරට අදාළ විභාගය සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත  නැවත එය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමිවනුයේ තෙවන වසරේ දී පමණිග

  • යම් අපේක්ෂකයකු සම්පූර්ණ විභාගයට පෙනී නොසිටිනවා නම් ඒ සඳහා සනාතන සභාවේ විශේෂ අනුමැතියක් ලබා නොමැති නම් උපාධිය සම්පූර්ණ කිරීමේ දී පන්ති සාමාර්ථයකට හිමිකම් නොලැබේ.

  • ප‍්‍රශ්න පත‍්‍රයක ඇතුළත් දෑ අයථා පරිදි දැන ගැනීම ට තැත් කිරීම.

  • යම් විභාග වරදක් කිරීමට ආධාර හෝ අනුබල දීම හා ලබා ගැනීම.

  • විභාග පරීක්ෂකවරුන්ට හෝ අනිකුත් විභාග නිළධාරීන් ට අයුතු බලපෑම් කිරීම.

  • සනාතන සභාව විසින් විභාග අක‍්‍රමිකතාවයන් ලෙස සැළකෙන වෙනත්  ඕනෑම අක‍්‍රමිකතාවයක්.

විභාග අක‍්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ ක‍්‍රමය
විභාග අක‍්‍රමිකතා පිළිබඳ ව අදාල විභාග ශාලාධිපති විසින් විභාග පිළිබඳ මාණ්ඩලික නිළධාරියා ට (ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/සහකාර ලේඛකාධිකාරිට* වාර්තා කරනු ඇතග ඒ ඒ වර්ෂවල පරීක්ෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා සනාතන සභාවට නිර්දේශ ඉදිරිපත් කිරීමට සනාතන සභාව මගින් පත් කරනු ලබන තුන් දෙනෙකුට නොඅඩු අනු කමිටුව වෙත එකී අක‍්‍රමිකතා පිළිබඳ ව අදාළ ලිපි ලේඛන සමග විභාග පිළිබඳ මාණ්ඩලික නිළධාරී (ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/සහකාර ලේඛකාධිකාරී* විසින් වාර්තා කරනු ඇතග ඉහත කරුණු සම්බන්ධ ව අක‍්‍රමිකතා විමර්ශන කමිටුවේ නිර්දේශය සනාතන සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේග සනාතන සභාව මගින් අනුමත කරනු ලබන දඬුවම් එකී අපේක්ෂකයන්ට පනවනු ලබන අතර සනාතන සභාවේ තීරණය අවසාන තීරණය වේ.

විභාග අක‍්‍රමිකතා සඳහා පැනවිය හැකි දඬුවම්

 

  • බලය නොලත් ලිපි ලේඛන ආදිය සන්තකයෙහි තබා ගැනීම.


දඬුවම් :උපරිම වශයෙන් වර්ෂ 2කට විශ්වවිද්‍යාලයේ විභාගයන් ට පෙනී සිටීම තහනම් කිරීම හා සනාතන සභාවේ අභිමතය පරිදි වෙනත් දඬුවම් පමුණවීම.

  • කොපි කිරීම.


දඬුවම් :විභාග අපේක්ෂකත්වය අවලංගුකොට උපරිම වශයෙන් අවුරුදු 3කට විශ්වවිද්‍යාලයේ  ඕනෑම විභාගයක ට පෙනී සිටීම තහනම් කිරීම හා සනාතන සභාවේ අභිමතය පරිදි වෙනත් දඬුවම් පමුණවීම.

  • වංචා කිරීම.


දඬුවම් :විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා සනාතන සභාවේ අභිමතය පරිදි කිසියම් කාලයකට විශ්වවිද්‍යාල පරීක්ෂණ තහනම් කිරීම හා වෙනත් දඬුවම් පමුණුවීම.


සනාතන සභාවේ විශේෂ අනුමැතියක් මත මිසල කිසිම අපේක්ෂකයෙකුට 5 වසරකට වඩා එක ම
විභාගයක් සඳහා පෙනී සිටිය නොහැක.       

විභාග අක‍්‍රමිකතා

විභාග අක‍්‍රමිකතා පහත දැක්වෙන ආකාරයට කෙටියෙන් වර්ග කර ඇත.

  • බලය නොලත් ලිපි ලේඛන ආදිය සන්තකයේ තබා ගැනීම.

  • කොපි කිරීම.

  • අත්ලෙහි හෝ ශරීරියේ වෙනත් ස්ථානයක සටහන් ලියාගෙන සිටීම.

  • වංචා කිරීම.

  • විශ්වවිද්‍යාලට අයත් විභාග ලිපි ද්‍රව්‍ය ආදිය විභාග ශාලාවෙන් පිටතට ගෙන යෑම.

  • විභාග කටයුතුවලට බාධා වන පරිදි අනිසි හැසිරීම.

  • විභාගාපේක්ෂකයකු තමන් වෙනුවෙන් විභාගයට පෙනී සිටීමට වෙනත් කෙනෙකු යෙදවීම

  • හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් විභාග පෙනී සිටීම.

අවසන් යාවත්කාලීන කිරීම 2014 නොවැම්බර් 02 වෙනි ඉරිදා, 11:19