බ්‍රහස්පතින්දා, 21 සැප් 2017
You are here:

Events Calendar

September 2017
S M T W T F S
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

News and Events

No events
Importance of the Course පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

පාඨමාලාවේ වැදගත්කම


අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නියුතු උපාධි නොමැති ගුරුවරුන්ගේ නර්තනය හා බැඳි දැනුම වර්ධනය කිරීම හා සංස්කෘතික මධ්‍යස්ථානවල දැනට සේවයේ නියුතු උපාධි නොමැති උපදේශකවරුන්ගේ දැනුම ගුණාත්මක ව වර්ධනය කිරීම.

අ.පො.ස. (උසස් පෙළ* සමත් නමුත් ඉඩකඩ නොමැති වීම හේතු කොටගෙන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවකාශ නොලැබෙන විද්‍යාර්ථීන් හට අවස්ථාවක් ලබා දෙමින් ජාතික අවශ්‍යතාවයක් පූර්ණය කිරීම.

උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා අති විශාල මුදල් වැය කර විදේශ ගත වන සිසුන්ට අඩු වියදමකින් උපාධියක් ලබා ගැනීමට අවකාශ සැලසීම සහ මෙරටින් පිටමං වන විනිමය මෙරට තුළම යෙදවීමට කටයුතු කිරීම.


මෙමගින් තරුණ පිරිසට නව මංපෙත් විවර කර ගැනීමට අපේක්ෂා ඇති කරලීමග ඔවුන් කාර්්‍යක්ෂම ලෙස හා සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත්කොට රැුකියා වෙළඳපොලේ මංපෙත් විවර කර දීම.

රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවයට අනුව විද්‍යාර්ථයීන් කලමනාකරණය නර්තනය හා සම්බන්්ධ භාණ්ඩල ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය යනා දී මංපෙත්වලට යොමු කර වීම.

රජයේ පළාත් සභා සහ සම්බන්ධතා ගොඩ නැගීම මෙහි තවත් එක් සුවිෂේශී අවස්ථාවක් වන අතර පළාත් සභා නර්තන කණ්ඩායම්වල ශිල්පීන්ට තම විෂය දැනුම හා සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට අවකාශ සැලසීම.

පාඨමාලාවේ නම


ප‍්‍රාසංගික කලාවේදී නර්තන උපාධි පාඨමාලාව (සාමාන්‍ය*
උපාධි නාමය    -    ප‍්‍රාසංගික කලාවේදී (සාමාන්‍ය* උපාධිය

පාඨමාලාවේ අරමුණ හා අධ්‍යයන ඵලය

අරමුණ


ශී‍්‍ර ලාංකේය සාම්ප‍්‍රදායික නර්තන වාදන හා නාට්‍ය කලාවන් ආරක්ෂා කිරීමල පවත්වාගෙන යාම හා අනාගත පරම්පරාවට දායාද කිරීම.

තත් කලාවන් පිළිබඳව ගවේෂණාත්මකවල විචාරශීලීව අධ්‍යයන කිරීමට අවකාශය ලබා දීමග නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සහ ඉංග‍්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගැනීමට අවකාශ සැලසීම.

ගුණාත්මක බවෙන් යුක්ත නිර්මාණල ප‍්‍රසංග වේදිකාව හා රූප මාධ්‍යන්හි ප‍්‍රදර්ශනය කොට ඒවා සඳහා උසස් රසවින්දනයකින් හෙබි වූ පේ‍්‍රක්ෂක පිරිසක් බිහි කරලීමට අවශ්‍ය කලාකරුවන් බිහි කරලීම.

නර්තන හා නාට්‍ය කලා ක්ෂේත‍්‍රයන් පෝෂණය කිරීම හා ඒ මගින් ගුණගරුක සදාචාරාත්මක සමාජයක් බිහි කිරීම.


ජාත්‍යන්තර ප‍්‍රචලිත කලාවන් පිළිබඳ අවබෝධය ලබාදීම හා එමගින් දේශීය නර්තනයන් හා අනෙකුත් කලා ක්ෂේත‍්‍රයන් පෝෂණය කිරීම.

විසිඑක්වන සියවසට ගැළපෙන අයුරින් පාරම්පරික සාම්ප‍්‍රදායික කලාවන් ගවේෂණාත්මක ව හා විශ්ලේෂණාත්මක ව නිර්මාණය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක පසුබිමල තොරතුරු තාක්ෂණයල ඉංග‍්‍රීසි භාෂා දැනුමල කලමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම.