ඉරිදා, 23 ජූලි 2017
You are here:

Events Calendar

July 2017
S M T W T F S
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

News and Events

No events
Library Facilities පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

පුස්තකාල පහසුකම්

විශ්වවිද්‍යාලයීය සියලූම අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් දෘශ්‍ය කලා පීඨ පරිශ‍්‍රයෙහිල කොහුවල පරිශ‍්‍රයෙහි සහ ඇල්බට් චන්ද්‍රවංකයේ නර්තන හා නාට්‍ය කලා පීඨයෙහි පුස්තකාලයන් තුනක් ස්ථාපිත කොට තිබේග ප‍්‍රධාන පුස්තකාලය කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි දෘශ්‍ය කලා පීඨයේ වම් පස පිහිටි ගොඩනැගිලි පරිශ‍්‍රයේ තෙවැනි මහලේ පිහිටා ඇති අතර ඇල්බට් චන්ද්‍රවංකයේ නව ගොඩනැගිල්ලේ බිම් මහලේ නර්තන හා නාට්‍ය කලා පීඨ පුස්තකාලය පිහිටා ඇතග කොහුවල පරිශ‍්‍රයේ පිහිටි පුස්තකාලය විශ්වවිද්‍යාල භූමියට ඇතුලූ වනවාත් සමගම වම් පසින් වූ ගොඩනැගිල්ලේ පහත මාලයේ ස්ථාපිත කොට ඇතග එමෙන් ම විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය කුඩා ප‍්‍රමාණයේ පුස්තකාලයකින් සමන්විතව ඇත.


පුස්තකාල නීති රීති හා රෙගුලාසි

  • පුස්තකාලයට පිවිසීමේ දී සිසුන් විසින් සිය විශ්වවිද්‍යාල වාර්තා පොත/හැඳුනුම්පත ඉදිරිපත් කළ  යුතු ය.
  • පුස්තකාලය තුළට කුඩල ගමන් මලූල පාර්සල්ල බාහිර පොත්ල කිසිම මුද්‍රිත ප‍්‍රකාශනයක් හෝ පෞද්ගලික ද්‍රව්‍ය ගෙන යෑමට අවසර දෙනු නොලැබේ.
  • පුස්තකාලය තුළ ආසන වෙන් කිරීම සිදු නොහැකි ය.
  • පුස්තකාලය තුළ සාකච්ඡුා පැවැත්වීම තහනම් ය.
  • පුස්තකාලය තුළ දැඩි නිශ්ශබ්දතාවක් පවත්වා ගත යුතු අතරම සියලූම ජංගම දුරකථන සේවාවන් පුස්තකාලය තුළ දී විසන්ධි කළ යුතු ය.



විශේෂ නීති

  • සියලූම පුස්තකාල ග‍්‍රන්ථ සහ සම්පත් ජාතික වස්තූන් ලෙස සළකා ආරක්ෂා කර ගත යුතු ය.
  • පුස්තකාලය ඇතුළත දී සිසුන්ගේ අක‍්‍රමවත් පැවැත්ම පුස්තකාලය පරිහරණය කිරීම අත්හිටුවීමට හේතුවක් විය හැකි ය.
  • සියලූම පාඨකයන් විශ්වවිද්‍යාලය සහ පුස්තකාල නීතිරීතිවලට යටත් ව කටයුතු කළ යුතු ය.
  • විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලය විමර්ශන අංශය පරිහරණය සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු ය.



වාද්‍යභාණ්ඩ පහසුකම්

  • ඔබට දී ඇති භාණ්ඩ කාඞ් පත ඉදිරිපත් කිරීමෙන් ඔබට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ ලබා ගත හැකි අතරල එය අස්ථානගත වුවහොත් නැවත භාණ්ඩ කාඞ්පතක් ලබා ගත යුතු වේ.
  • මෙම පාඨමාලාව අවසන් වූ පසු ඔබගේ උපාධි සහතික පත‍්‍රය නිකුත් කරනු ලබන්නේ භාණ්ඩ කාඞ්පත නැවත භාණ්ඩභාරකරුට භාර දීමෙන් අනතුරුව ය.
  • පුස්තකාලය තුළ ආහාර පාන ගැනීමල දුම්බීමල ගිනි ගන්නා දෑ භාවිතා කිරීම සම්පූර්ණයෙන් ම තහනම් ය.
  • පුස්තකාලයට බාහිර අමුත්තන් කැඳවා ගෙන ඒම තහනම් ය.
  • පුස්තකාලය තුළ ඡුායාරූප ගැනීම සපුරා තහනම් වන අතර ඒ සඳහා පුස්තකාලාධිපතිගෙන් පූර් අනුමැතිය ගත යුතු ය.
  • පුස්තකාලය තුළ නොගැළපෙන ඇඳුම් පැළඳුම් එනම් කොට කලිසම්ල තොප්පිල කබායන් සහ ශබ්දය නිකුත් කරනු ලබන පාවහන් පැළඳීම නොකළ යුතු ය.