බදාදා, 22 නොවැ 2017
You are here:

Events Calendar

November 2017
S M T W T F S
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

News and Events

No events
අධ්‍යක්ෂතුමාගේ පණිවුඩය

ප‍්‍රාසංගික කලාව පිළිබඳ පූර්ණ උපාධියක් හැදෑරීමට ලංකාවේ ඇති එක ම ආයතනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වන අතර විෂය දැනුම ඇති විෂය ප‍්‍රවීනයන් සහිත මානව සම්පත්වලින් පරිපූර්ණ අප ආයතනය එකී මානව සම්පත් ඔබ වැනි අවශේෂ විද්‍යාර්ථීන් උදෙසා ලබාදීම විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමේ එක් පරමාර්ථයකි.



ජාතික වශයෙන් සලකා බැලීමේ දී උපාධි සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විදේශගත වන විද්‍යාර්ථීන්ට අඩු වියදමකින් උපාධියක් ලබා ගැනීමටත් අප රටින් ඇදී යන විදේශ විනිමය මෙරට තුළ රදවා ගැනීමටත් මෙහිලා අපේක්ෂා කෙරේ. පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ පිරිස සමාජයේ අවශ්‍යතාවට ගැලපෙන පිරිසක් බවට පත් කිරීමේ මහඟු කාර්යයට උර දෙමින් රැුකියා වෙළඳපලට අවතීර්ණ කරවීම ද අපගේ තවත් පරමාර්ථයකි. ඒ සඳහා නූතන සමාජ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නර්තනය හා විවිධ විෂයයන් සම්බන්ධ කර පාඨමාලා සකස් කොට තිබීම මෙහි සුවිශේෂී තත්ත්වයකි.

දැනට හඳුන්වාදී ඇති පාඨමාලාවන් මගින් නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම මෙන් ම ඉංග‍්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමට අවකාශ සළසා දී තිබේ. දේශීය නර්තන, වාදන සම්ප‍්‍රදායය, විදේශීය නර්තන, සිනමා හා රූපවාහිනි නර්තන රචනය, වෘත්තීය මාර්ගෝපදේශනය මෙන් ම කලමනාකරණය, පරිගණක විෂයයන් හැදෑරීමට තත් පාඨමාලා මගින් අවකාශය සළසා දී ඇත.

මේ අනුව සලකා බැලීමේ දී සාමාන්‍ය උපාධිය හැරුණු කොට විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය මගින් සැලසුම් කොට ඇති ඩිප්ලෝමා පාඨමාලාවන් මගින් ද විද්‍යාර්ථීන්ට තම දැනුම විධිමත් ව පුළුල් කර ගැනීමට හැකි වීම මහඟු අවස්ථාවකි. ශ‍්‍රී ලාංකේය සම්ප‍්‍රදායික නර්තන, වාදන හා ගායන මෙන් ම නාට්‍ය කලාවන් ද සාහිත්‍යය මෙන් ම දෘශ්‍ය කලාවන් ද ආරක්ෂා කර ගනිමින් අනාගත පරම්පරාවට දායාද කිරීමේ මහගු කර්තව්‍යයට අප විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය සෘජුව ම දායක වන බව මෙහි ලා සතුටින් සඳහන් කළ හැකි ය.

Assoc. Prof. පී .එම් .කේ  බණ්ඩාර

Associate Professor

B.F.A.(kelaniya),

M.A.(Sjp),Vidya Visharad(Lucknow)

අධ්‍යක්ෂ
විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය